Monday, July 18, 2016

හල් (අජකණී) බෙහෙත් පැලෑටිය

  • කුල නාමය - Depterocarpaceae
  • උද්හිද නාමය-Veteria copallifera ( Retz Alston veteria indic) Linn
  • සංස්කෘත නාමය -අජකණී, සර්ජක
  • හින්දි නාමය- කහරුබා
  • බෙංගාල නාමය-කුන්දරෝ,ඣාංජිශාල
  • දෙමළ නාමය-කුනරික්කම් වෙල්ලයි

ඉන්දියාව ලංකාව ආදී රටවල වැවේ ,දකුණු ඉන්දියාවේ සමහර පළාත්වල සුළු වශයෙන්ද දක්නට ලැබේ. කේරළයේ ජලාශ්‍රිත ප්‍රදේශවල සුලබය. පොතු මැලියම්,ඇට,මල් ඹෞෂධ වශයෙන් ව්‍යවහාර කෙරේ.

හදුනාගත් රසායනික සංයෝග - හල්පොතුවල ටැනින් අන්තර්ගතය

සල්,හල්,හොර Depterocarpaceae උද්හිද කුලයට අයත් උපකුල දෙකක උද්හිදයෝ වෙති. සල් හා හල් ගුණයෙන් බොහෝ සේ සමාන වේ. උෂ්ණ තෙත් - උෂ්ණ වියලි දේශගුණය ඇති පුදේශවල සරුවට වැවේ.සල්,හල්,හොර ආදී වෘක්ෂ වර්ග කීපයක්ම සර්ජරක,සර්ජ යන සංස්කෘත නම්වලින් ගැනේ.

හල්ගෙඩි පිටි ගම්බද ජනයාගේ අගනා ආහාරයකි. හල් පොතු මීරාවලට දමා තැබීමෙන් රාවලට පරිවර්තනය වීම වලක්වා ගත හැකිය.

අතීසාරයට -(රක්ත ශ්‍රාවය සහිත) අර්ශස්වලදී හල්දුම්මල සහිත යෝග භාවිතා කරති.

 වණ වලට - හල්දුම්මල භාග 01, ගොරක ඇට තෙල් භාග 08 යි, මීඉටි භාග 01 යි මද ගින්නේ උනු කරගත් පසු සිසිල් වීමට තබා ගෙන වණ සදහා යොදති.



මදවාභඵල (අක්ෂෝට) බෙහෙත් පැලෑටිය


  • කුල නාමය – Juglandaceae
  • උද්හික විද්‍යාත්මක නාමය – Juglans regia Linn
  • සංස්කෘත – අක්ෂෝට
  • හින්දි- ආක්රොට්
  • බෙංගාල – ආක්රොට
  • ගුජරාට – ආකොඩ
  • කර්ණාට – ආකොට
  • ඉරාණ – චාම්ගජ
  • දෙමළ-අක්රොට්ටු
  • ඉංග්‍රීසි නාමය – Walnut
ඉන්දියාවේ හිමාලට අවට අඩි 3000-10000 උස ප්‍රදේෂ,නේපාලය, බටහිර බෙංගාලයේ ඩාජලින් ප්‍රදේශය, ඇසෑමය, බංගලාදේශයේ උතුරු ප්‍රදේශ, ටිබැටය, පාකිස්ථානය හා කාබුල් ආදී ප්‍ර දේශයන්හි වැවේ. කොළ, පොතු, ගෙඩි, මද ඖෂධ සදහා ව්‍යවහාර වේ.
හදුනාගත් රසායනික සංයෝග – ගෙඩියේ මදයෙහි Juglandic Acid හා දුම්මල අන්තර්ගත වේ.
වාත වේදනාවට – තෙල් ආලේපනය
මුහුණේ ලපවලට – ගෙඩියේ මද ආලේපය
ගෙඩියේ යුෂ වාජිකරණයි.